%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 17 February 2020 - 9:58
පන්දුවක් හිසේ වැදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අචිනි කුලසූරිය ආබාධයට ලක්වෙයි
10

Shares
1,219

Views
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අචිනි කුලසූරිය කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පුහුණු තරඟයක් අතර තුර ආබාධයට ලක්ව තිබෙනවා.

පිටියේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී පන්දුව හිසේ වැදීමෙන් ඇය මෙලෙස ආබාධයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක කුසලාන තරඟාවලියට සමගාමීව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ඊයේ ඇඩිලේඩ් හිදී පැවති තරඟයේදීයි ඇය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

එම අවස්ථාවේදීම අචිනි ඇඩිලේඩ් හි රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව ඇය රෝහලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE