උසේන් බෝල්ට් අභිබවා මී හරකුන් දැක්කූ සිරිනිවාස් ඔලිම්පික් පෙරහුරුව ප්‍රතික්ෂේප කරයි

Monday, 17 February 2020 - 17:58

%E0%B6%8B%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%93+%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
උසේන් බෝල්ට් අභිබවා මී හරකුන් දැක්කූ සිරිනිවාස් ඔලිම්පික් පෙරහුරුව ප්‍රතික්ෂේප කරයි

උසේන් බෝල්ට්ගේ මීටර් 100 වාර්තාව අභිබවා යා හැකි වේගයකින් සිය මී හරකුන් යුවළ කුඹුරක් ඔස්සේ ධාවනය කළ කර්ණාටක ප්‍රාන්තයේ සිරිනිවාස් ගොව්දා, ඔලිම්පික් තරඟ පෙරහුරුවකට කළ ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු පසුගිය දා කම්බාලා සැණකෙලියේදී මීටර් 142.5ක් වූ ධාවන ඉසව්ව තත්ත්පර 13.62කින් නිමා කළ අතර, එය මීටර් 100ක දුරක් තත්ත්පර 9.55කින් අවසන් කළ සේ සැලකිය හැකියි.

ඔලිම්පික් ශූර උසේන් බෝල්ට්ගේ මීටර් 100 ධාවන වාර්තාව වන්නේ තත්ත්පර 9.58ක්. ටෝකියෝ ඔලිම්පික් උළෙල ආසන්න වද්දී, වාර්තා වූ මෙම දස්කම හේතුවෙන් ධාවන පථයේ පෙරහුරුවක් සඳහා පැමිණෙන ලෙස 28 හැවිරිදි සිරිනිවාස් ගොව්දාට ආරාධනා කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා විසින්.

කෙසේ නමුත් මළල ක්‍රීඩා පිටියේදී මෙන් නොව කම්බාලා සැණකෙලියේ ධාවනය පූජනීය සහ සුවිශේෂී වන බව පවසමින් ගොව්දා එම ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු සිය දස්කම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළේ තමාට වැටීමට ඉඩ නොදී ධාවනය අවසන් කිරීමට උදව් වූ සිය මී හරකුන් යුවලටයි.