%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
Thursday, 20 February 2020 - 11:35
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පිටියට එන ශ්‍රී ලංකා සංචිතය
11

Shares
1,430

Views
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත්කලා.

දිමුත් කරුණාරත්න නායකත්වය දරන ශ්‍රී ලංකා එක්දින සංචිතයට මාස 7කට පසු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා කැඳවා තිබීම විශේෂත්වයක්.

ඔහු පිතිකරුවකු වශයෙන් අවසන් එක්දින තරඟ 13 දී ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 117 ක්.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා අවසන් එක්දින තරග 13 දී කඩුලු 5ක් දාවගැනීමට සමත්ව තිබෙනවා.

මේ අතර මාස 7කට පසු මෙම කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

එක්දින තරග 52 කට ක්‍රීඩා කර ඇති දික්වැල්ල ශතක දෙකක් සහ අර්ධ ශතක නවයක් සමග මුළු ලකුණු 1571 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 32.72ක්.

මෙම තරඟාවලියේ දෙරට අතර පළමු තරඟය ලබන 22 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර දෙවන සහ තුන්වන තරඟ පිළිවෙලින් 26 වැනිදා සහ මාර්තු 1 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය පහතින්

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් පෙරේරා
ෂෙහාන් ජයසූරිය
නිරෝෂන් දික්වැල්ල
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
දසුන් ශානක
වනිඳු හසරංග
ලක්ෂාන් සඳකැන්
ඉසුරු උදාන
නුවන් ප්‍රදීප්  
ළහිරු කුමාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE