%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
Thursday, 20 February 2020 - 21:28
පුහුණු තරඟයේ ජය කොදෙව්වන්ට
1

Shares
128

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කටුනායකදී පැවති පුහුණු එක්දින තරගය කඩුලූ 6 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 276ක් රැස් කළා.

විනෝද් භානුක සහ රමේෂ් මෙන්ඩිස් එහිදී අර්ධ ශතක වාර්තා කළ අතර අසේල ගුණරත්න ලකුණු 47ක් ලබා ගත්තා.

කොදෙව් කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 3කදී කඩුලූ 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළේ රොස්ටන් චේස් රැස් කළ ලකුණු 136 ත් සමඟයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE