T20+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Friday, 21 February 2020 - 19:50
T20 කාන්තා ලෝක කුසලාන පළමු තරගයෙන් ඉන්දියාවට ජය
87

Views
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි නුවර පැවති පළමු තරගයෙන් ලකුණු 17ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලූදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 115 ක් පමණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE