%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 23 February 2020 - 8:20
වනිඳු ජයග්‍රහණය ගැන කියයි
116

Views
බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමිකර දීමට වනිඳු හසරංග සමත්වූයේ නොදැවී ලකුණු 42ක් රැස් කරමින්.

මුල් පෙළ පිතිකරුවන් දැවී ගොස් සිටියදී තිසර පෙරේරා සමඟ සංයමයකින් ක්‍රීඩා කළ වනිඳු පසුව ප්‍රහාරත්මක පිති හරඹයක නිරතවූයේ ශ්‍රී ලංකා පිලේ කඩුලූ 9ක් දැවී යාමෙන් අනතුරුවයි.

සිය ජයග්‍රාහී ඉනිමට විස්සයි විස්ස ක්‍රීඩා සමාජ තරගාවලියේ අත්දැකීම්ද ඉවහල්වූ බවයි වනිඳු හසරංග කියා සිටියේ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE