අද තරගයට දෙපිලේම වෙනස්කම්

Wednesday, 26 February 2020 - 12:51

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරගයේදි කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුවනු ඇතැයි වාර්තාවනවා.

ඒ අනුව අද තරගය සඳහා පිතිකරුවෙකු ලෙස නිරෝෂන් දික්වැල්ල, ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

දඟ පන්දු යවන්නෙකු වන ෆේබියන් ඇලන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා - රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතයි.