කොදෙව්වන් පළමුව පන්දුව අතට ගනී

Wednesday, 26 February 2020 - 14:13

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

අද තරඟය පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.  

ඒ, දිවා - රාත්‍රී තරගයක් ලෙසයි.

2017 වසරේදී අවසන් වරට සූරියවැව ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙස එක්දින තරගයක් පවත්වා ඇති අතර, ඒ අනුව වසර 3 කට පසුවයි එහි ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන්නේ.

එසේම සූරියවැව ක්‍රීඩාංගණයේ දිවා - රාත්‍රී තරගයක්, වසර 5 කට පසු පැවැත්වීමද විශේෂත්වයක්.

මේ අතර පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේ.ශ්‍රී ලංකා කණ්ඩායම සූරියවැව ක්‍රීඩාංගණයේදී එක්දින තරග 19 කට  එක්වී ඇති අතර, ඉන් 8 ක් ජයග්‍රහණය කර තිබෙනවා.