IPL++%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
Thursday, 26 March 2020 - 7:59
IPL අවලංගු වෙයිද ?
2

Shares
330

Views
ඉන්දීය පී‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මෙම වසර තුළදී අවලංගු කිරීමට සිදුවනු ඇතැයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එළැඹෙන අප්‍රේල් 15 වැනිදා දක්වා මෙම තරඟාවලිය කල් දැමීමටයි මීට පෙර තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, ඉන්දියාව සිය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැනීමත් සමඟ මෙම තරඟාවලිය පිළිබඳව සාකච්ඡාවක් හෝ සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

තරඟාවලිය අදාළ කාලසීමාව තුළ නොපැවැත්වුවහොත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වෙනත් දින ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE