ජස්ටින් ගැට්ලින් රන් පදක්කමක් බලාපොරොත්තුවෙන්

Saturday, 28 March 2020 - 8:06

%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කල් දමන ලද ටෝකියෝ ඔලිම්පික් උළෙල පවත්වන විට තමන්ට වයස අවුරුදු 39ක් වුවත් මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇතැයි හිටපු ඇමරිකානු ඔලිම්පික් ශූර ජස්ටින් ගැට්ලින් පවසනවා.

2004 ඇතෑන්ස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම සහ 2017 වසරේ ලන්ඩන් ලෝක ශූරතා රන් පදක්කම ඔහු ජයග්‍රහණය කළේ තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් දෙවන තහනම ද අවසන් වීමෙන් අනතුරුවයි.