කොරෝනා ඉන්දිය ක්‍රීඩකයින්ට ඵලදායී විවේකයක් ගෙනදුන් බව ප්‍රධාන පුහුණුකරු කියයි

Sunday, 29 March 2020 - 13:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B5%E0%B6%BD%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඩ් - 19 ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය තරගාවලි නතර කිරීම ඉන්දීය ක්‍රීඩකයන්ට ලැබුණු ඵලදායී විවේක කාලයක් බව ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි පවසනවා.

බ්‍රිතාන්‍ය ක්‍රීඩා නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දීර්ඝ නවසීලන්ත ක්‍රිකට් සංචාරයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන් වෙහෙසට පත්ව සිටි බවයි.

ඉන්දියාව, නවසීලන්තය සමඟ විස්සයි විස්ස තරග 5 කට, එක්දින තරග තුනකට සහ ටෙස්ට් තරග දෙකකට සහභාගි වූ අතර, ඉන්දියාව ජයග්‍රහණය කළේ විස්සයි විස්ස තරගාවලියෙන් පමණයි.

නවසීලන්තය එක්දින තරගාවලිය සහ ටෙස්ට් තරගාවලිය පූර්ණ ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වූයේ අයි.සී.සී. ටෙස්ට් තරගාවලියේ පළමු පරාජය ඉන්දියාවට අත්කරදෙමින්. ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි කියා සිටියේ නවසීලන්ත සංචාරයට පෙර එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ තරග කොට ඉන්දීය පිල වෙහෙසට පත්ව සිටි බවයි.

ඉන්දියාව මේ වනවිට කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩලීම සඳහා දින 21 ක නිරෝධායන කාලයක් අනුගමනය කරන අතර, මෙවර අයි.පී.එල්. තරගාවලියද කල්දමා තිබෙනවා.