%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
Tuesday, 17 April 2012 - 18:58
මැතිව්ස්ගේ ක්‍රීඩා දිවිය කෙටි වෙයිද ?
8

Shares
1,048

Views



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළහොත් ඔහුගේ ක්‍රීඩා දිවිය කෙටි විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. විශේෂයෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට පන්දු යවන්නෙකු ලෙස එක්වන මැතිව්ස් මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවයි තේරීම් කමිටු ප්‍රධානියා පෙන්වා දෙන්නේ. පසුගිය කාලසීමාව තුළ ආබාධ කිහිපයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස තරග බිමට පිවිසුණහොත් එම ආබාධ උත්සන්න විය හැකි බවයි අසන්ත ද මෙල් පවසන්නේ. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව පෙන්වා දෙන තේරීම් ප්‍රධානියා කියා සිටින්නේ වටිනාකම්වලට වඩා රට වෙනුවෙන් වැඩි කාලයක් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙකුගේ ප්‍රධාන අරමුණ විය යුතු බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :