%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
Friday, 27 April 2012 - 8:03
සචින් තෙන්ඩුල්කාර් පාර්ලිමේන්තුවට.
15

Shares
1,847

Views



ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එරට පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස නම් කොට තිබෙනවා. ඊයේ (26) දිනයේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, ඉන් අනතුරුව ජනාධිපතිනි ප්‍රතිභා පටේල් විසින් එම පත් කිරීම සිදුකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, සචින් තෙන්ඩුල්කාර් ඊයේ (26) කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ද හමුවී තිබෙන බව සඳහන්. කොංග්‍රස් පක්ෂය විසින් රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු ලෙස තෙන්ඩුල්කාර් පත්කිරීම සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ද එකඟත්වය පළ කළා. ඉන්දීය රාජ්‍ය සභාවට මන්ත්‍රීවරයෙකු ලෙස පත්වු පළමු ක්‍රීඩකයා වන්නේ ද සචින් තෙන්ඩුල්කාර්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :