%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Saturday, 28 April 2012 - 13:41
බාබේඩෝස්හි දී ශෂිකලා වැඩ පෙන්වයි.
5

Shares
711

Views

බාබේඩෝස් හි ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 197 ක් රැස් කළ අතර ශෂිකලා සිරිවර්ධන එහිදී ලකුණු 27 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජයග්‍රහණය වාර්තා කළේ තරගය අවසන් වීමට පන්දු 2 ක් පමණක් තිබියදීයි. එහිදී යශෝධා මෙන්ඩිස් ලකුණු 51 ක් රැස් කළ අතර ශෂිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලබා ගත්තා. කොදෙව් - ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කොදෙව් කාන්තාවන් ජයගත් අතර තීරණාත්මක තුන්වන තරගය අප්‍රේල් 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :