%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+10+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+31+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
Thursday, 10 May 2012 - 18:16
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 10 සිට 31 දක්වා.
14

Shares
1,697

Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (10) නිවේදනය කළා. තරගාවලිය කොළඹ සහ මහනුවර පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එහි සඳහන්. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ පල්ලේකැලේ ජාත්‍යන්තර කිී‍්‍රඩාංගනයේ තරග පැවැත්වෙනු ඇති.

 

පළමු අදියරේදී පළාත් කණ්ඩායම් 7 ක් මෙම තරගාවලියට එක්වනු ඇති. බස්නාහිර බෙයාස්, කඳුරට කයිට්ස්, නැගෙනහිර නාගස්, රුහුණු රයිනෝස්, උතුරු ඔරික්සස්, ඌව යුනිකෝන්ස් සහ වයඹ වුල්ෆ්ස්, මෙම කණ්ඩායම් හතයි. එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණක් ඇතුළත් කළ හැකි අතර ඉන් සිව් දෙනෙකු සෑම තරගයකටම සහභාගි විය යුතු වනවා. අනෙක් ක්‍රීඩකයන් ශ්‍රී ලාංකිකයන් විය යුතු අතර ඔවුන්ගෙන් එක් අයෙකු අවුරුදු 21කට වඩා අඩු විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළේ. තරගාවලියට අදාළව පැවැත්වෙන තරග 24 ම ලොව පුරා සජිවිව විකාශනය කිරිමට කටයුතු යොදා තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :