%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Monday, 21 May 2012 - 19:17
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙරටට අහිමි වෙයි.
4

Shares
573

Views



මෙරට පැවැත්වීමට නියමිතව තිබූ 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අත්හිටුවීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය තීරණය කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ලිපිය අද (21) ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් මෙරට මලල ක්‍රීඩා සංගමය වෙත යොමුකළ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ. පසුගියදා පැවති ආධුනික මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය දූෂිත බවට එම සංගමයේ මීට පෙර පරිපාලනය විසින් ආසියානු මලල ක්‍රීඩා සංගමයට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ. එම පැමිණිල්ල පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණයකින් අනතුරුව මෙම ක්‍රීඩා උළෙල පවත්වනවාද යන්න නැද්ද තීරණය කරනු ඇති. කෙසේ වූවත්, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා පෙර සූදානම සිදුවූ ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද ආසියානු මලල ක්‍රීඩා සංගමය ඉල්ලා තිබෙනවා. 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජුනි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. ආසියානු මලල ක්‍රීඩා සංගමය ගත් මෙම තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේගෙන් විමසීමක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :