%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%94+20+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.
Friday, 01 June 2012 - 7:53
ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ඔ 20 ගැටුම අද.
4

Shares
573

Views

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද (01) පැවැත්වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිවුස් පන්දු යැවීමට සූදානමින් සිටින බවයි ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඊයේ සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති පුහුණුවීම් අතරතුරදී මාධ්‍ය වෙත සඳහන් කළේ. මීට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයින් 7 දෙනෙකු පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ ලැබූ අත්දැකීම් අද තරගයට මහගු ප්‍රයෝජනයක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරිමේ මානසිකත්වයෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුවන බව පාකිස්ථාන කණ්ඩායම් නායක මොහොමඞ් හෆීස් පවසනවා. තම කණ්ඩායම පුහුණුකරු ඬේව් වට්මෝර් යටතේ ලැබූ දැඩි පුහුණුව ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :