%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
Saturday, 02 June 2012 - 18:58
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ජනයකට යන ලකුණු.
6

Shares
827

Views



තමන් වර්ජනයකට සූදානම් වන බව  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මේලනය පවසනවා. එහි සභාපති පෝල් මාෂ් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ පැවති ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයින් දැක්වු විශේෂ දක්ෂතාවයන්ට අදාළ ගෙවීම් සිදුකිරීම බලධාරීන් විසින් පැහැරහැර ඇති බවයි. ඒ අනුව මෙම තීරණයට එළැඹි බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ බලධාරීන් මෙම ගැටලූවට ජුලි මස පළමු වන දිනට පෙර විසඳුම් ලබානොදුනහොත් එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සහභාගී නොවනු ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :