%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Monday, 04 June 2012 - 12:56
තෙන්ඩුල්කාර් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.
27

Shares
3,299

Views



සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් අද (04) එරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා. තෙන්ඩුල්කාර් එරට රාජ් සභාවේ සභාපති සමීඞ් අන්සාරි ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා. පසුගිය දා ඉන්දියානු ජනාධිපතිනී ප්‍රතිභා පටෙල් විසින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් හා බොලිවුඞ් චිත්‍රපට නිළි රේඛා එරට පාර්ලිමේන්තුවේ රාජ් සභාව සඳහා නම් කළා. පසුගිය මැයි මාසයේ දි ජනප්‍රිය බොලිවුඞ් නිළි රේඛා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුව ද සචින් තෙන්ඩුල්කාර්ගේ දිවුරුම් දීම අද (04) දක්වා කල් ගියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන්. ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පාලක කොංග්‍රස් පක්ෂය ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව ඉන්දීය  මාධ්‍ය වාර්තා සදහන් කළා.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :