%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%3F+%E0%B6%B4%E0%B7%93%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF+%3F
Wednesday, 06 June 2012 - 8:39
රාජකීයන් ද ? පීතර ද ?
4

Shares
554

Views



අන්තර් පාසල් රග්බි තරගාවලියේ පෙරමුණ ගැනීම සඳහා අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර උණුසුම් සටනක් ඇතිවී තිබෙනවා. පීතර විද්‍යාලය තරග 6කට සහභාගි වී තරග 6ක් ජයග්‍රහණ කර උත්සාහක දිනුම් 41ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 32.5ක් ලබා සිටිනවා. එමෙන්ම රාජකීය විද්‍යාලය තරග 6කට සහභාගි වී එම තරග 6ම ජයග්‍රහණය කර උත්සාහක දිනුම් 33ක් ලබා ප්‍රසාද ලකුණු 32.5ක් ලබා ශාන්ත පීතර විද්‍යාලය සමග සම තත්ත්වයේ පසුවනවා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජකීය සහ ශාන්ත පීතර විද්‍යාල අතර තරගය උණුසුම් එකක් වනු ඇති. මීට අමතරව පාසල් රග්බි තරගාවලියේ තරග 6කට සහභාගි වී තරග 5ක් ජයග්‍රහණය කරමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තුන්වන ස්ථානයේ පසුවනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :