%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Friday, 08 June 2012 - 10:14
විස්සයි විස්ස ලෝක කුසලානයට ආරක්ෂක තර්ජනයක් නැහැ.
4

Shares
510

Views

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නොමැති බව ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂ උපේකා නෙල් පවසනවා. මෙම තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව තිබූ ලිපි ගොනු රැසක් සති දෙකකට පෙර අතුරුදන් වුණා. ඒ සමගම තරගාවලියේ ආරක්ෂාවට තර්ජනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් තරගාවලි අධ්‍යක්ෂිකා උපේකා නෙල් පවසන්නේ අදාළ ලිපිගොනු අතුරුදන් වීමත් සමගම    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කටයුතු භාර නිලධාරීයා මේ වනවිට සේවයෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ වූවත්, අද (08) පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව තරගාවලිය සඳහා නව ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයෙන් සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :