%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C.
Friday, 08 June 2012 - 13:26
විස්සයි විස්සේ සන්නාම තානාපති මාලිංග.
17

Shares
2,054

Views

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩාක ලසිත් මාලිංග තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ඉන් පිටතදී ඔහු ලබා ඇති දක්ෂතා මෙම තෝරා ගැනීමට ප්‍රධාන සාධකය වූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී හරූන් ලොගාඞ් සඳහන් කරන්නේ. ලසිත් මාලිංගගේ ක්‍රීඩා විලාසය සහ ඔහුගේ රූපය මේ වනවිට ලෝකයේ ක්‍රිකට් සංකේතයක් බවට පත්ව ඇති බවද අයි.සී.සී. ප්‍රධානියා වැඩිදුරටත් පවසනවා. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර සහ දේශීය සියලූ ප්‍රචාරක කටයුතුවලට ලසිත් මාලිංග එක්කර ගනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE