%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+472+%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+48%2F5+%E0%B6%BA%E0%B7%92.
Saturday, 23 June 2012 - 19:14
ශ්‍රී ලංකාව 472 යි, පාකිස්තානය 48/5 යි.
6

Shares
797

Views

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (23) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 472 ට පිළිතුරු ලෙසයි. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199 ක් ලබාගත් අතර, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 101 ක් රැස්කළා. පන්දු යැවීමේදී සහීඞ් අජ්මාල් ලකුණු 146 කට කඩුළු 05 ක් බිඳ හෙළීමද විශේෂත්වයක්. පාකිස්තාන පළමු ඉනිමේ දැවී ගිය කඩුළු පහ, නුවන් කුලසේකර සහ සුරාජ් රන්දිව් අතර දෙක බැගින් බෙදී ගිය අතර, රංගන හේරත් එක් කඩුල්ලක් දවා ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :