%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A.
Sunday, 24 June 2012 - 19:08
පාකිස්තානය අසීරු අඩියක.
15

Shares
1,869

Views



සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුලූ 03ක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. ඒ, තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 510යේ ඉලක්කයට පිළිතුරු ලෙසයි. දිවා භෝජනයට පෙර පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 100ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 472ක් ලබා ගත්තා. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුලූ 5කට ලකුණු 137ක් ලබා සිටියදී තේ පානයෙන් පසුව ඉනිම අත්හිටවනු ලැබුවා. දෙවැනි ඉනිමේ දී තිලකරත්න ඩිල්ශාන් ලකුණු 56ක් ලබා ගත්තා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය හෙටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :