%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+-%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
Monday, 25 June 2012 - 7:59
ශ්‍රී ලංකා ඒ පිල -දකුණු අප්‍රිකානු සංචාරය ඇරඹේ.
4

Shares
522

Views



දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එරට ඩොල්ෆින්ස් ක්‍රීඩා සමාජය අතර තුන් දින ක්‍රිකට් තරඟය ඊයේ (25) ඩර්බන් නුවරදී ආරම්භ වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 227 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 79 ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 64 ක් ලබාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඩොල්ෆින්ස් කණ්ඩායම දිනය නිමාවනවිට කඩුලූ 2 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා.

 

මේ අතර සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. තරඟය ඊයේ දිනයේ නිමාවට පත්වනවිට පකිස්ථානු කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා. තරඟයේ ජයග්‍රහණය සඳහා කඩුලූ 7 ක් අතැතිව සිටින පාකිස්ථානු කණ්ඩායම තවත් ලකුණු 474 ක් ලබාගත යුතු වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :