%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+20%E0%B6%BA%E0%B7%92+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A.
Tuesday, 26 June 2012 - 12:56
ඕස්ට්‍රේලියා - පාකිස්තාන 20යි 20 තරගාවලිය එමීර් රාජ්‍යයේ.
4

Shares
596

Views

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරග 6කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මෙය දීර්ඝතම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලෙස හැදින්විය හැකි බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගාවලිය මේ වසරේ අගෝස්තු 22 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වෙනු ඇති. ආරක්ෂක අවදානම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් දැන් පාකිස්තානයට පැමිණෙන්නේ නැහැ. මේ නිසා ඔවුන්ට ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා තුන් වන රටක් සොයා ගත යුතු වනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මුලින් ඉල්ලා සිටියේ  ඕස්ට්‍රේලියාව සමග විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි. එහෙත් තරගාවලිය පැවැත්වීමට අපේක්ෂා කරන කාලයේ එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් අනුමැතිය ලබාදී ඇත්තේ විස්සයි විස්ස තරග සඳහා පමණයි. මෙම තරගාවලිය පාකිස්තානය සහ  ඕස්ට්‍රේලියාව යන රටවල් දෙකටම වැදගත් වන්නේ එය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙරහුරුවක් වන නිසයි. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :