%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9E%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Friday, 29 June 2012 - 7:57
ටුවර් ඞී හිරු දැවැන්ත පාපැදි සවාරියට සියල්ල සූදානම්.
6

Shares
831

Views

හිරු එෆ්.එම්. 14 වැනි සංවත්සරයට සමගාමීව හිරු ටී.වී. - හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය අද ආරම්භ වනවා. දින දෙකක් පුරා, අදියර දෙකක් යටතේ පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය මෙරට පාපැදි තරග ඉතිහාසයේ දැවැන්තම තරගාවලියයි. අද (29) පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වන තරගය ලේක්හවුස් වටරවුම ඔස්සේ මරදාන දක්වා ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිස පෑලියගොඩ, වත්තල හරහා ඒකල දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව ඒකල ගම්පහ මාර්ගය ඔස්සේ යක්කල දක්වා ගමන් කර නුවර පාර ඔස්සේ වරකාපොල, කෑගල්ල, කඩුගන්නාව පසුකර මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් වනවා.

ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ දෙවන අදියර 30 වැනි සෙනසුරාදා මහනුවරින් ආරම්භ වී කුරුණෑගල - මාවතගමින් අවසන් වනවා. ශ්‍රී ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ පූර්ණ අධීක්ෂණ යටතේ පැවැත්වෙන පාපැදි සවාරිය සඳහා එක්ව සිටින බලපත්‍රලාභී පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 150 කට අධිකයි. තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ක්‍රීඩකයාට පාපැදි තරග ඉතිහාසයේ වැඩිම මුදල් ත්‍යාගය පිරිනැමීමටත් අනෙකුත් ජයග්‍රාහකයින් සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ටුවර් ඩි හිරු පාපැදි සවාරිය පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල සඳහන් කළේ මෙවර ටුවර් ඩි හිරු පාපැදි සවාරිය පාපැදි තරගකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් බවට පත්වන බවයි.

rn


හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරනු ලබන ටුවර් ඩි හිරු පාපැදි සවාරියට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේද, සිය සුබ පැතුම් මෙලෙස එක්කළා.



මෙරට පාපැදි සවාරි ඉතිහාසයේ දැවැන්තම තරගය වන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සජීවි අවස්ථා අද සිට හිරු ටී.වී. තුළින් දැකබලා ගත හැකි වන අතර, හිරු එෆ්.එම්. ඔස්සේ සජීවි විස්තර විචාරයන් අඛණ්ඩව ගෙන එනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :