%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Wednesday, 04 July 2012 - 13:31
වාර්තා තැබූ සංගක්කාරට වාර්තාවක් අහිමි වෙයි.
6

Shares
722

Views

ටෙස්ට් තරගවලදී වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට කුමාර් සංගක්කාරට තිබූ අවස්ථාවක් අද (04) මඟ හැරී ගියා. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 192 ක් ලබා සිටි සංගක්කාර අබ්දුල් රෙහමාන් එවූ පන්දුවකට දැවී යාමත් සමගයි. මෙම තරගයේදී කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් රැස්කළේ නම් ද්විත්ව ශතක 09 ක් ලබා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා රැස්කර තිබූ වාර්තාව සම කිරීමට අවස්ථාව උදා වී තිබුණා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් රැස්කර ඇත්තේ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්. ඔහු රැස්කර ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 12 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE