%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+75+%E0%B6%BA%E0%B7%92.
Tuesday, 10 July 2012 - 19:03
තරංගයි, තිසරයි 75 යි.
12

Shares
1,545

Views



සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට පාකිස්තාන කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සිය පළමු ඉනිම අවසන් කළේ සියලූ දෙනා දැවී ලකුණු 337 ක් ලබා සිටියදීයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන සහ තිසර පෙරේරා ලකුණු 75 බැගින් ලබාගත් අතර තිලාන් සමරවීර ලකුණු 73 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ජුනයිඞ් ඛාන් ලකුණු   70 කට කඩුළු 05 ක් දවා ගැනීමට සමත් වුණා. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226 ක් ලබාගත් අතර, මේ වනවිට පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 84 ක් පසුපසින් සිටිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :