%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.
Wednesday, 18 July 2012 - 7:30
ගැටළු විසඳෙයි. - ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතන ගිවිසුම්ගතවීම අද.
13

Shares
1,596

Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති ගැටළුසහගත තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. එළඹෙන වසරක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයින් ගිවිසුම්ගතවීම අද (18) සිදුකෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තේ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලැබිය යුතු තරග ගාස්තු නොලැබුණහොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පසුගිය සඳුදා ප්‍රකාශ කර තිබුණා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර, අත්සන් කර ඇති ගිවිසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මීට තවත් හේතුවක් බවයි. සාමාන්‍යයෙන් මාර්තු මාසය වන විට වසරේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණ ද මේ දක්වා නව වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් ගිවිසුම්වලට එළඹ නොමැති බව ද මහේල කියා සිටියා. පසුගිය පාකිස්තාන සංචාරය සඳහා ද තම ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ ගිවිසුම් අත්සන් කිරීමකින් තොරව බව ද මහේල පෙන්වා දෙනවා. එමෙන්ම ක්‍රීඩකයින්ට මේ වසරේ මුල් කාර්තුව සඳහා මෙතෙක් වැටුප් ගෙවා නොමැති බවයිමහේල කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :