%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92.
Wednesday, 18 July 2012 - 12:42
දිගු විවේකය කණ්ඩායමට වාසියි - දෝනි.
5

Shares
675

Views

දිගු විවේකයකින් පසු ශ්‍රී ලංකාවේදී යළි සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් ලැබීමට අවස්ථාවක් උදාවී ඇති බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා. ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් සමග තරග වැදීමට පෙර තම කණ්ඩායමට ලැබුණු මෙම විවේකය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ දැමීමට ලැබුණු පිටිවහලක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙරහුරුවක් බවද දෝනි ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර චෙන්නායි හි චිදම්බරන් ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයින් සහභාගී වූ දෙදින පුහුණු කඳවුර ඔවුන්ට අපූරු අත්දැකීමක් වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ, පළමු දිනයේ ඔවුන් සාර්ථකව පුහුණු සැසියට සහභාගී වූ අතර දෙවන දිනයේ වූ ඊයේ ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පුහුණු සැසියට සහභාගීවීමට නොහැකිවුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ පුහුණුවක් චෙන්නායි හිදී ලැබුණු බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :