%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+21+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 22 July 2012 - 8:00
ඉන්දියාවට ලකුණු 21 ක ජයක්.
15

Shares
1,888

Views

සංචාරක ඉන්දීය කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම සමග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 21 ක් ජයක් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තා. එහිදී විරාත් කෝලි ලකුණු 106 ක් සහ විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 96 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 70 කට කඩුළු 03 ක් දවා ගත්තා. ලකුණු 315 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර පනහ අවසානයේ කඩුළු 09 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 293 ක් පමණයි. කුමාර් සංගක්කාර ලකුණු 133 ලබා ගත්තා. එම ශතකයත් සමග සංගක්කාර 2012 වසරේ ලකුණු දහස ඉක්මවූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :