%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%91.
Sunday, 22 July 2012 - 13:12
ඉදිරි තරගවලටත් කුලසේකර නෑ.
6

Shares
748

Views

ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයේදී පන්දුවක් රැකීමට යාමේදී කායික ආබාධයකට ලක්වු නුවන් කුලසේකර ඉදිරි තරග සඳහා විවේක ගන්වන බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා. කෙසේ නමුත්, වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින බවයි තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී මහේල සඳහන් කළේ. ශ්‍රී ලංකා පිල ඉන්දියාව අතින් ලකුණු 21 ක පරාජයක් ලැබූ පළමු එක්දින තරගයේදී නුවන් කුලසේකරට යැවීමට හැකිවූයේ පන්දුවාර 5 ක් පමණයි. ලකුණු 96 ක් රැස්කළ ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ශෙවාග්ගේ තියුණු උඩ පන්දුවක් කුලසේකර ඉමහත් ප්‍රයත්නයක් දරා රැකගනු ලැබූවද ඊට වාසිදායක විනිශ්චයක් හිමිවූයේ නැහැ. ඒ, නැවත පරීක්ෂා කිරීමේ දර්ශන අසම්පූර්ණ වීම නිසයි. කුලසේකර වෙනුවට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි එක්දින තරගවලදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ක්‍රීඩකයෙකු මෙතෙක් තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :