%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.
Friday, 27 July 2012 - 7:20
ලන්ඩන් ඔලිම්පික් උළලේ සමාරම්භය අද.
6

Shares
831

Views

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල අද (27) එරට වේලාවෙන් රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතයි. ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය අයර්ලන්තය ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සංස්කෘතිය තේමා කර ගත් නිර්මාණ රැසක් ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය කිරීටයට අයත්ව පැවති රටවල් කිහිපයක සංස්කෘතිකාංග ද එහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාවේ බෙංගාලි සංස්කෘතිය පදනම් කර ගෙන ඉදිරිපත් කරන සංස්කෘතික සංදර්ශනයකට සුපිරි ඉන්දීය සංගීතවේදී ඒ.ආර්. රහුමන් ද එක්වෙනු ඇති. එලිසබෙත් මහරැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් ද සහභාගිවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :