%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 27 July 2012 - 12:48
ඔලිම්පික් නිසා ලන්ඩන් නුවර තදබදයක්.
4

Shares
529

Views

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සියලූ කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් පවසනවා. අද (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීම සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ පළාත්වලින් පැමිණි ජනතාව සහ ලොව විවිධ රටවලින් පැමිණි ජනතාව හේතුවෙන් ලන්ඩන් නගරයේ බලාපොරොත්තු නොවූ තදබදයක් ඇති වී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කළා. එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙල රූපවාහිනිය හරහා ලොව පුරා බිලියනයකට ආසන්න ජනතාව නරඹනු ඇති බවයි ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සන්නිවේදන සහකරු වන බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය පවසන්නේ. ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගිවීම සඳහා ලෝක නායකයන් ද දැන් බ්‍රිතාන්‍ය වෙත පැමිණෙමින් සිටිනවා. ග්‍රීසිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල නායකයන් මෙන්ම ඇමෙරිකානු රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක මිට් රොම්නි ද දැන් සිටින්නේ ලන්ඩන් නුවරයි. ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහරැජින විසින් බකිංහැම් මාලිගයේදී රාජකීය සාදයක් ද සංවිධානය කර තිබෙනවා. ලොව පුරා සැරිසරමින් ලන්ඩනයට රැගෙන ආ ඔලිම්පික් ගිනි සිළුව අවසාන වටයේදී රැගෙන යනු ඇත්තේ සුප්‍රකට එංගලන්ත පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් විසින්. ඔලිම්පික් පන්දම බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින වෙත භාර දෙනු ඇත්තේ ඔහුයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :