%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%91.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Monday, 30 July 2012 - 7:47
නලා බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි.
14

Shares
1,746

Views



 

මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී අධික ශබ්දයක් නිකුත් කරන නලා භාවිතා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා. ක්‍රීඩාංගණවලදී එම නලා භාවිතා කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට ඇතිවන අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ප්‍රකාශ කළේ. කෙසේ වුවත් පපරේ සංගීත කණ්ඩායම් සඳහා මෙම තීරණය බාධාවක් නොවන බවද ඔහු කියා සිටියා. පසුගිය දින කිහිපය තුළ අධික ශබ්දයක් නිකුත් කරන නලා භාවිතා කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට සිදුවූ අපහසුතා පිළිබඳ ඔවුන් සිදුකරන ලද පැමිණිලි රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :