%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%9A%E0%B6%A7+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Wednesday, 01 August 2012 - 15:04
නිලූකට ඔලිම්පික් අර්ධ අවසන් පූර්ව තරඟය අහිමිවෙයි.
5

Shares
661

Views



ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් පිරිමි කේවල දෙවන වටයේ තරඟයකින් අද (01) පරාජයට පත්වුණා. එම තරඟය ජයග්‍රහණය කළේ නම් ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩකයෙකු ඔලිම්පික් අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාවද එය වනවා. එහෙත් නිලූක ඉන්දීය ක්‍රීඩක කාෂ්‍යෆ් පරුප්පලි සමග පැවති දෙවන වටයේ තරඟයේදී තරඟ වට දෙකට එකක් ලෙස පරාජයට පත්වුණා. එහි පළමු වටයේදී 21 ට 14 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ජයග්‍රහණය කළද දෙවන වටය නිලූක කරුණාරත්න ජයගත්තේ 21 ට 15 ක් ලෙසින්. තුන්වන වටයේදී ඉන්දීය ක්‍රීඩකයා 21 ට 9 ක් ලෙස ජයග්‍රහණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :