%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7.
Thursday, 02 August 2012 - 7:29
සංගක්කාර වසරේ ජනප්‍රියම ක්‍රීඩකයන් අතරට.
17

Shares
2,071

Views

අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙලේ 2012 වසර සඳහා ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා ජනප්‍රියම ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ නම නැවතත් නිර්දේශ වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙලේ පසුගිය වසරේ ද ජනප්‍රියම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ කුමාර් සංගක්කාරටයි. මීට අමතරව ඔහු පසුගිය වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමි කර ගත්තා. මෙවර අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් අතර සචින් තෙන්ඩුල්කාර්, වර්නන් ෆීලෑන්ඩර් සහ ජැක් කලීස් වනවා. සමාජ  ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුකරන මෙම ඡුන්ද විමසීම මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE