%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Thursday, 02 August 2012 - 12:41
ලාහෝර් ප්‍රහාරයේ ත්‍රස්තයෙක් වෙඩි වැදී මියයයි.
4

Shares
507

Views

2009 වසරේදී පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. පන්ජාබයේ - මුලාන් නගරයේ ත්‍රස්තවාදීන් සැරිසරන බවට පාකිස්ථාන පොලිසියට අද තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව, පොලිස් මුරපොලකදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු පොලිසියට වෙඩි තබා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත්තේ. අබ්දුල් ගෆාර් නොහොත් සයිෆුල්ලා ලෙස හැඳින්වෙන මෙම ත්‍රස්තකරු තාරික් -ඉ- තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :