%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 02 August 2012 - 19:22
වීනස් විලියම්ස්ට ඔලිම්පික් පදක්කම අහිමි වෙයි.
4

Shares
487

Views

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී බැඞ්මින්ටන් කාන්තා යුගල තරගවලදී උපරිම දක්ෂතා පෙන්නුම් නොකළ චීන, දකුණු කොරියානු සහ ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් නෙරපීමට තීරණය කර තිබෙනවා. මෙම ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතා පෙන්නුම් නොකර සිතාමතාම තරග පරාජයට පත්වීමේ අරමුණින් ක්‍රීඩා කළේ යැයි චෝදනා යටතේ ඊයේ දිනයේදී ඔවුන්ට දඩයක්ද නියම කළා. එම චෝදනාවන්ට ලක්ව සිටින ක්‍රීඩිකාවන් අතරින් චීනයේ බැඞ්මින්ටන් ශූරියක් වන යූ යැං ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන බැඞ්මින්ටන් පුහුණුකරු චේ යං ලන්ඩන් ඔලිම්පික් තරග කමිටුවෙන් සමාව ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතා පෙන්නුම් නොකර ක්‍රීඩා කර තිබෙනවා.

 

මේ අතර, ඇමරිකානු ටෙනිස් ශූරි වීනස් විලියම්ස් අද (02) පැවති ඔලිම්පික් මූලික වටයේ ටෙනිස් තරගයකදී ජර්මනියේ ඇන්ජලා හර්බක් හට පරාජය වී තිබෙනවා. ඒ අනුව වීනස් විලියම්ස්ට සිව්වැනි වතාවටත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :