%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Thursday, 09 August 2012 - 19:19
රුහුණු කණ්ඩායම කොන්දේසි කඩ කරයි.
6

Shares
789

Views



ශ්‍රී ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. තරගාවලියට ඉදිරිපත් වන රුහුණු කණ්ඩායම තරගාවලියේ මූලික කොන්දේසියක් කඩකර ඇති බව අද (09) වාර්තා වුණා. ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමේදී එකඟත්වයට පැමිණ සිටියේ එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 06 දෙනෙකු ඇතුළත් කර ගැනීමටයි. මීට අමතරව අතිරේක ක්‍රීඩකයන් 06 දෙනෙකුද ඇතුළත් කර ගැනෙනවා. ඒ අනුව කණ්ඩායමක ක්‍රීඩකයන් සංඛ්‍යාව 24 ක්. එහෙත් විදේශීය ක්‍රීඩකයන්ගේ අඩුව හේතුවෙන් දේශීය ක්‍රීඩකයින් 13 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 07 දෙනෙකු ලෙස එක් කණ්ඩායමක සංචිතය 20 කට සීමා කෙරුණා.

 

එහෙත් රුහුණු කණ්ඩායම මෙම කොන්දේසි කඩකරමින් තම සංචිතයේ ක්‍රීඩකයන් සංඛ්‍යාව 18 දක්වා අඩුකර තිබෙනවා. එසේ අඩුකර ඇත්තේ දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙක්. රුහුණු කණ්ඩායමේ අයිතිකරු වන ඉන්දීය ජාතිකයාගේ කැමැත්ත මත මෙය සිදුවූ බවටයි වාර්තා වන්නේ. මෙසේ රුහුණු කණ්ඩායමෙන් ඉවත් කර ඇති දේශීය ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ශාලික කරුණානායක සහ දෙනුවන් රාජකරුණායී. ඔවුන්ව කැඳවා ඊයේ දිනයේ පුහුණු තරගයක් පවා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමසීමට රුහුණු කණ්ඩායමේ කළමනාකරු හෂාන් තිලකරත්න සහ නායකයා වන ලසිත් මාලිංග සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. කණ්ඩායමේ පුහුණුකරු වන්නේ හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක වකාර් යූනිස්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :