%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
Sunday, 12 August 2012 - 13:29
ආසියානු ආධිපත්‍ය ගිලි හෙයිද ?
4

Shares
587

Views



2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අවසන් දිනය අදයි. දින 17 ක් පුරා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වුණා. අවසන් දිනය වන අද (12) දිනයේදී තවත් තරග ඉසව් 15 ක් පැවැත්වීමට නියමිතයි. පැසිපන්දු, අත්පන්දු, මැරතන් ඇතුළු තවත් තරග ඉසව් කිහිපයක් මෙලෙස අද දිනයේදී පැවැත්වෙනු ඇති. ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවේ විචිත්‍රවත් සමාප්ති උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි නවතම විදෙස් වාර්තා සඳහන් කළා. මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් තරග ඉසව්වට සහභාගීවීමට නියමිතයි. පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 44 ක් හිමිකර ගනිමින්. චීනය රන් පදක්කම් 38 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 28 ක් දිනාගත් සත්කාරක මහා බ්‍රිතාන්‍යයටයි. අද පැවැත්වෙන තරග ඉසව් බොහොමයක ජය ඇමරිකා එක්සත් ජනපදයට හිමිවනු ඇති බවට ක්‍රීඩා විචාරකයන් අනාවැකි පළ කරනවා. යම් හෙයකින් ඇමරිකාව අද දිනයේදී වැඩි රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාගතහොත් චීනය අභිබවමින් මෙවර ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණය ඇමරිකාවට හිමිවනු ඇති. පසුගිය බීජිං ඔලිම්පික් උළෙලේදී සත්කාරක චීනය වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් ජයග්‍රහණය කළද මෙවර ක්‍රීඩාවේ ආසියානු ආධිපත්‍යය ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඇමරිකාවට දෙවැනි වීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :