%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+143%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 20 August 2012 - 18:29
රුහුණට ලකුණු 143ක ඉලක්කයක්.
3

Shares
369

Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ තවත් තරඟ දෙකක් පල්ලේකැළේ ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වෙනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ කඳුරට වොරියස් සහ රුහුණ රෝයල්ස් කණ්ඩායම් අතරයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් කඳුරට වොරියස් කණ්ඩායම පන්දු  ඕවර 19යි පන්දු 2ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 142ක්. කඳුරට පිළ වෙනුවෙන් ජීවන්ත කුලතුංග සහ කිත්රුවන් විදානගේ ලකණු 31 බැගින් රැස් කළා. රුහුණ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 21කට කඩුලූ 3ක් බිඳ හෙළුවා. ඒ අනුව ජයග්‍රාහී ලකුණු 143ක ඉලක්කයක් හඹා යන රුහුණ කණ්ඩායම මේ වන විට කඩුලූ 02 ක් දැවී පන්දු  ඕවර 5යි පන්දු 3ක් අවසානයේ ලකුණු 22 ක්  ලබා සිටිනවා.

 

මේ අතර, දෙවැනි තරගය අද (20) රාත්‍රියේ දී පැවැත්වෙන්නේ නැගෙනහිර නාගාස් සහ වයඹ යුනයිටඞ් කණ්ඩායම් අතරයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :