%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
Saturday, 25 August 2012 - 8:09
වයඹ කඳුරටට පරදියි.
4

Shares
551

Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අපරාජිතව සිටි වයඹ යුනයිටඞ් කණ්ඩායම තරගාවලියේ පළමු පරාජය ඊයේ (24) අත්වින්දේ කඳුරට වොරියස් පිළ අතින්. ඒ ලකුණු 2ක තියුණු පරාජයක්.  පළමුවෙන් පන්දුවට පහර දුන් කඳුරට වොරියස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එහිදී කඳුරට කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ලින් ලකුණු 80ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වයඹ යුනයිටඞ් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි. පන්දු යැවීමේ දී කඳුරට කණ්ඩායම වෙනුවෙන් කෞෂල ලොකුආරච්චි ලකුණු 15කට කඩුලූ 3ක් දවා ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :