%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Sunday, 26 August 2012 - 7:59
රුහුණට ජය.
9

Shares
1,140

Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය කඩුලූ 4 කින් ජයගැනීමට රුහුණු කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. රුහුණු කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ කඩුලූ 6 ක් දැවී පන්දු වාර 16 යි පන්දු 4 කට පමණක් මුහුණ දෙමින්. මේ අතර ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අනෙක් තරඟය වන කඳුරට කණ්ඩායම සහ ඌව කණ්ඩායම අතර තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට හැකිවූයේ නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :