%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.
Thursday, 30 August 2012 - 19:39
දැල්පන්දු අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.
5

Shares
642

Views

08 වන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මලයාසියාව සමග අද (30) පැවති තරගය 67 ට 58 ක් ලෙස ජය ගනිමිනුයි ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව ගෝල විදීමේදී දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය මෙහිදී කැපී පෙනුණා. ඇය සමස්ත තරගයේදී තමාට ලැබුණු ගෝල විදීම් 66 න් 65 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE