%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Wednesday, 05 September 2012 - 13:05
පැරා ඔලිම්පික් උළෙලේදී ඉරානය බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි.
6

Shares
727

Views

පැරා ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන්ට ඉරාන ක්‍රීඩකයෙකු අතට අත දී ආචාර නොකිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙහෙරාඞ් කරාම් නැමැති මෙම ඉරාන ක්‍රීඩකයා කවපෙත්ත විසිකිරීමේ තරගයෙන් හිමිකර ගත්තේ රිදී පදක්කමයි. ඔහුට එම පදක්කම පැළඳවීම සඳහා කේට් මිඞ්ල්ටන්ට ආරාධනා කර තිබූ අතර, ඇය එම පදක්කම පළඳවා අතට අත දී ආචාර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම ක්‍රීඩකයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. බ්‍රිතාන්‍යය සහ ඉරානය අතර යුරේනියම් බලගැන්වීම සම්බන්ධයෙන් කලක සිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් පවතිනවා. කෙසේ වෙතත්, ඉරානයෙන් පැරා ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ක්‍රීඩා බලධාරීන් ප්‍රකාශ කළේ ඥාතීන් හෝ ළඟම හිතවතුන් නොවේ නම් ඉරාන වැසියන් මෙලෙස අතට අත දී ආචාර කිරීම සිදු නොකරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :