%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+09+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Thursday, 13 September 2012 - 18:46
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට කඩුළු 09 ක ජයක්.
6

Shares
829

Views

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති පුහුණු තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක ජයක් වාර්තා කිරීමට අද (13) සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග කොළඹ එන්.සී.සී. පිටියේදී පැවති තරගයකදීයි. මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 132 ක් රැස්කළා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 04 කදී කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 57 ක්ද, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 50 ක්ද ලබා ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :