%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96.
Wednesday, 19 September 2012 - 12:43
අයර්ලන්ත කණ්ඩායම ශක්තිමත්ලූ.
4

Shares
501

Views

අයර්ලන්ත කණ්ඩායම සුළු කොට තැකිය නොහැකි බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසනවා. වාර්තාවක් සපයමින් ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ  ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර අද පැවැත්වෙන තරගය පිළිබඳව අදහස් දක්වමින්. අයර්ලන්ත කණ්ඩායම මෑතකාලීනව ඉතා උසස් දක්ෂතා පෙන්නුම් කර ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව  ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටීමට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. අයර්ලන්ත ක්‍රීඩක කෙවින්  ඕ බ්‍රයන් පිළිබඳව තරගාවලිය පුරා වැඩි අවධානයක් යොමුවිය හැකි බවයි එහි දැක්වෙන්නේ. විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව  ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරත් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතරත් තරග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :