පළමු විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව දක්ෂ වෙයි.

Saturday, 26 January 2013 - 16:12

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි නුවර අද (26) පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 කින් ජයග්‍රහණය කළා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්  ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 137 ක්. ඬේවිඞ් වෝනර් එහිදී නොදැවී ලකුණු 90 ක් රැස් කළා.

ලකුණු 138 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර  18 යි පන්දු 05 කදී කඩුළු 05 ක් පමණක් දැවී ගොස් තිබියදී තම ජයග්‍රහණය තහවුරු කර ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 35 ක් රැස්කළ අතර, කුෂල් ජනිත් පෙරේරා ලකුණු 33 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරගය අනිද්දා මෙල්බර්න් හිදී පැවැත්වෙනවා.